වැසි සහ සුළං තත්ත්වයේ අඩුවීමක් දක්නට ලැබුනද නාවික සහ ධීවර කටයුතුවල නිරතවීම තවදුරටත් අවදානම් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එහි අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන නිවේදන පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටින ලෙසයි.
පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 14කට බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක්වූ පුද්ගලයින් සංඛ්‍යාව 10,270ක්.
අර්ධ නිවාස හානි 2,710ක්ද වාර්තා වන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.
කෙසේවෙතත් ආපදා හේතුවෙන් ජීවිත හානි කිසිවක් මෙතෙක් වාර්තා වී නැහැ.
මේ ඒ පිළිබඳව කරුණු දැක්වූ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා.
මේ අතර දිස්ත්‍රික්ක 05කට පනවා තිබූ නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
කඳු ආශ්‍රිතව ජීවත් වන ජනතාවට වඩාත් විමසිල්ලෙන් පසුවන ලෙසයි එහි විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ.
මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බවයි ඉදිරි පැය 36 සඳහා නිකුත් කළ කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝ මීටර් 30ත් 40ත් අතර තරමක තද සුළං ඇතිවිය හැකි බවද කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ සචින් වික්‍රමසූරිය මහතා පැවසුවා.
අහිතකර කාලගුණ තත්ත්වය හේතුවෙන් විදුලි බිඳවැටීම් 65,000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වූ අතර ඉන් 33,000කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බවයි විදුලිබල මණ්ඩලය පැවසුවේ.