විගණකාධිපති ධූරයට ස්වාධීන පුද්ගලයෙකු පත් කිරීම සඳහා ආණ්ඩුවට බලපෑම් කිරීමට තිබූ කාලය මේ වන විට අවසන් වී ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

මේ අතර, රජයේ කිසිදු තනතුරකට හිතවතුන් පත් කිරීමට වත්මන් ආණ්ඩුව ක්‍රියා කර නොමැති බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා.

විගණකාධිපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳ මාධ්‍යවේදීන් කළ කරුණු විමසීමකදී ඔහු මෙම අදහස් පළ කළා.

එහිදී මාධ්‍යවේදීන් යොමු කළ තවත් ප්‍රශ්නයකට නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පිළිතුරු ලබා දුන්නේ මෙලෙසයි.