පවතින විදුලි ගාස්තුව ඉදිරි මාස තුනට නොවෙනස්ව තබා ගැනීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද (14) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි බිලම සංශෝධනය නොකිරීමට තීරණය කල බවයි ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මහාචාර්ය කේ. පී.එල් චන්ද්‍රලාල් මහතාසඳහන් කර සිටියේ .

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම අද පැවති මාධ්‍ය හමුවේදී මේ බව පවසා සිටියා.