මෙම වසරේ පළමු කාර්තුව සදහා ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනා අනුව ගාස්තු සංශෝධනයක් සිදු නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඊයේ දිනයේදී තීරණය කළා.

නිශ්චිත කාලයට පෙර අදාළ යෝජනා ඉදිරිපත් නොකිරීම සහ එම යෝජනාවල පැවති දෝෂ ආදිය සැලකිල්ලට ගෙන එම තීරණයට එළඹි බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව පැවසුවේ.

ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත කරුණු දැක්වූ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ආයතනික සන්නිවේදන අංශයේ අධ්‍යක්‍ෂ ජයනාත් හේරත් මහතා.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ආයතනික සන්නිවේදන අංශයේ අධ්‍යක්‍ෂ ජයනාත් හේරත් මහතා.