Published
විදෙස් ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 95 දෙනෙකුට එරෙහිව මේ වන විට රතු නිවේදන ලබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා පවසනවා.
අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ 2024 සහ 2025 වසරේදී රතු නිවේදන හරහා සැකකරුවන් 21 දෙනෙකු මෙරටට රැගෙන ආ බවයි.
අද දින මෙරටට රැගෙන ආ තිදෙනා ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබෙනවා.




