Published
දරුවන් උදෙසා වැඩිහිටියෝ සංවිධානයේ කැඳවුම්කරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ, අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටිදීයි. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල පවතින ගැටලුවලට එරෙහිව ඔහු එලෙස සත්‍යග්‍රයක් ආරම්භ කිරීමට එක් හේතුවක් වනවා. එමෙන්ම අධ්‍යාපන අමාත්‍යවරිය සිය තනතුරෙන් ඉල්ලා අස්විය යුතු යන්න තමන්ගේ අනෙක් ඉල්ලීම බවයි විමල් වීරවංශ මහතා පැවසුවේ.




