Published
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසක් සිය සත්‍යග්‍රහය ආරම්භ කර තිබෙනවා.
ඒ, බත්තරමුල්ල, ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදීයි.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල පවතින ගැටලුවලට එරෙහිව සහ අධ්‍යාපන අමාත්‍යවරිය සිය තනතුරෙන් ඉල්ලා අස්විය යුතු බවට බලකරමින් ඔවුන් එලෙස සත්‍යග්‍රහය ආරම්භ කළ බවයි එම ස්ථානයේ රැදී සසිටින නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
දරුවන් උදෙසා වැඩිහිටියෝ සංවිධානය විසින් එම සත්‍යග්‍රහය සංවිධාන කර තිබෙනවා. එම සංවිධානයේ කැඳවුම්කරු වන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතායි.




