2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය ජයග්රහණයකින් ආරම්භ කිරීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ, අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව ඊයේ පැවති තරගය ලකුණු 20කින් ජය ගනිමින්.
කාසියේ වාසියේ හිමිකර ගත් අයර්ලන්ත කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළ කඩුළු 6ක් දැවි ලකුණු 163 ක් රැස් කළා.
කුසල් මෙන්ඩිස් පන්දු 43කදී නොදැවී ලකුණු 56 යි.
කමිදු මෙන්ඩිස් පන්දු 19කදී වේගවත් ලකුණු 44 ක් රැස් කළා.
ඒ, හයේ පහර දෙකක් සහ හතරේ පහර 4 ක් සමගින්.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ අයර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 19 යි පන්දු 5කදි සියළු දෙනා දැවි ලබාගත හැකි වුයේ ලකුණු 143ක් පමණයි.
හැරී ටෙක්ටර් පන්දු 34කදී ලකුණු 40ක් රැස් කළා.
පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ සහ වනිදු හසරංග කඩුළු 3 බැගින් දවා ගත්තා.
තරගයේ වීරයා ලෙස සම්මාන හිමි කරගත්තේ කමිදු මෙන්ඩිස්.
Published



