වී මිලදී ගැනීම සදහා රජය විසින් ප්‍රකාශයට පත් කළ සහතික මිල ප්‍රමාණවත් නොවන බවට ගොවීන් තවදුරටත් මැසිවිලි නගනවා.

කෙසේවෙතත් රජය විසින් වැඩි මිලකට මෙවර ගොවීන්ගෙන් වී මිලදී ගන්නා බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.

ඒ අනුව අඩු මිල ගණන් යටතේ පෞද්ගලික අංශයට වී ලබා නොදී රජරෙය් වී ගබඩාවලට වී ලබාදෙන ලෙසයි අමාත්‍යවරයා ගොවීන්ගෙන් ඉල්ලා සිටියේ.

කුරුණෑගල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා මෙම අදහස් පළ කළා.