තම සංගමය විසින් ආරම්භ කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ඉදිරි සතියේදී තීරණයක් ගන්නා බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා මෙම අදහස් පළ කළේ නෙත් නිවුස් රතු කට්ට විශේෂංගයට එක්වෙමින්.

කෙසේ වෙතත්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ පැවසුවේ 2027 වසරේ වැටුප් වැඩිවීමක් ලබා දෙන තෙක් රජයේ සේවකයන්ගේ කිසිදු දීමනාවක් ඉහළ නොදමන බවයි.

ඒ අනුව සිය වෘත්තිය ක්‍රියාමාර්ගය වෙනස් කරන්නේ දැයි නෙත් නිවුස් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම්වරයාගෙන් මෙහිදී ප්‍රශ්ණ කළා.