Published
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයට තමන් එක්ව නොමැති බව රජයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඟමය පවසනවා.
ඒ අනුව මෙතෙක් සිය විශේෂඥ වෛද්‍යවරුන් සිදුකළ කාර්යයන් හා සේවා එලෙසම සිදුකරන බවයි රජයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඟමයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා පැවසුවේ.
කෙසේවෙතත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නියෝජනය කරන විශේෂඥ වෛද්‍යවරු වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරතව සිටින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවසුවා.
ඒ අනුව දිවයින පුරා පිහිටි විශේෂඥ වෛද්‍ය ඒකක 164ක විශේෂඥ වෛද්‍යවරු සිදුකරන ආවරණ රාජකාරිවලින් ඔවුන් ඉවත්ව සිටින බවයි වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවසුවේ.




