Published
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකරගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා ජ්‍යේෂ්ඨ ආරක්ෂක දූත පිරිසක්, දෙවන වරට පැවැත්වෙන ජපාන ශ්‍රී ලංකා ආරක්ෂක සංවාදයට සහභාගී වීම සඳහා ජපානයේ දෙදින නිල සංචාරයක නිරත වී තිබෙනවා.
එහිදී දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය මෙන්ම ආරක්ෂක සහයෝගීතාව සහ සමුද්‍රීය ආරක්ෂාව සම්බන්ධ උපායමාර්ගික සබඳතා යළි තහවුරු කෙරුණු බවයි ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ.
මෙම නිල සංචාරය අතරතුර ශ්‍රී ලංකා දූත පිරිස ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් සාකච්ඡා වට කිහිපයකටම සහභාගී වී තිබෙනවා.





