සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟ තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලියේ තීරණාත්මක හා අවසන් එක්දින තරඟය අද පැවැත්වෙනවා.

ඒ, කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි. දිවා රාත්‍රී තරඟයක් වන මෙම තරඟය පස්වරු 02යි 30ට ආරම්භ වීමට නියමිතයි.

මෙම තරඟාවලියේ පළමු තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 19ක ජයක් අත්කරගත් අතර දෙවන තරඟයේදී එංගලන්ත කණ්ඩායම කඩුලු 05ක ජයක් අත්කර ගත්තා.

ඒ අනුව අද තරඟය ජය ගන්නා කණ්ඩායමට මෙම තරඟාවලියේ ජයග්‍රහණය හිමි වනවා.

අද තරඟය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම පිළිබඳ කණ්ඩායම් නායක චරිත් අසලංක මෙලෙස අදහස් පළකළා.