Published
සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලකදී සැත්කමකට භාජනය කර ප්රතිකාර ලබාගත් හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද දිවයිනට පැමිණියා.
නෙත් නිවුස් ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ පෙරවරු 10.15 පමණ හිටපු ජනාධිපතිවරයා දිවයිනට පැමිණි බවයි.
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සැත්කමකට භාජනය කෙරුණේ පසුගිය මාර්තු මස අග භාගයේදියි.
එම සැත්කම සාර්ථකව සිදු වූ බව පාර්ලිමේන්තු මන්ත්රී රවී කරුණානායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළා.




