ඊළඟ කාර්තුවේදී දෙගුණයකින් විදුලි බිල වැඩි නොකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

මෙම වසරේ අවසන් කාර්තුවට අදාලව විදුලි ගාස්තු සංශෝධනය නොකිරීමට ඊයේ දිනයේ ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

මේ අතර ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එහිදී අදහස් පළ කළා.