සැකකාරිගේ නමින් ඇති සියළු බැංකු ගිණුම් වාහන සහ දුරකථන සම්බන්ධයෙන් විස්තර පොලිසියට ලබා දෙන ලෙසට මහ බැංකුවේ කළමනාකාරිත්වයට මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයාට සහ දුරකථන සමාගම් වලට නියෝග කර තිබෙනවා.
අයිස් මිලි ග්‍රෑම් විසි දහසක් සමඟ මාලඹේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිටින මෙරට හිටපු ප්‍රබල අපරාධකරුවෙකු වන සොත්ති උපාලිගේ දියණිය දීර්ඝ කාලයක් සංවිධානාමත්මකව මෙහෙයවා ඇති බව කියන මත් ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් දින 7ක කාලයක් රඳවා තබා ගෙන ඇයගෙන් ප්‍රශ්න කරන ලෙස මාලඹේ පොලිසියට නියෝග කර තිබෙනවා.
කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා ඒ සඳහා මාලඹේ පොලිසියට අධිකරණයේ අවසරය ලබා දුන්නා.
කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා මෙසේ නියෝග කරමින් පොලීසියට අධිකරණයේ අවසරය ලබා දුන්නේ මාලඹේ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රදීප් විජෙසිංහ මහතාගේ උපදෙස් මත එම පොලිස් ස්ථානයේ නඩු මෙහෙයුම් නිලධාරි පොලිස් සැරයන් (69042) කේ එස් ආර් කරුණාදාස මහතා බී වාර්තාවක් මගින් අධිකරණයට කල කරුණු දැක්වීමක් සැළකිල්ලට ගනිමිනි.
ඇය මෙරට හිටපු ප්‍රබල අපරාධකරුවෙකු වන සොත්ති උපාලිගේ දියණිය වන අතර මෙම සැකකාරියගේ නමින් මෙරට බැංකු වල පවතින සියළු ගිණුම් සම්බන්ධයෙන් විස්තර විමර්ශන පොලිස් නිලධාරීන්ට ලබා දෙන ලෙසටද මහ බැංකුවෙ කළමනාකාරිත්වයට නියෝග කල මහේස්ත්‍රාත්වරයා සැකකාරියගේ නමින් ඇති සියළු වාහන සම්බන්ධයෙන් විස්තර විමර්ශන පොලිස් නිලධාරීන්ට ලබා දෙන ලෙස මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයාටද නියෝග කර තිබෙනවා.
සැකකාරියගේ නමින් ඇති ජංගම දුරකථන සම්බන්ධයෙන් විශ්ලේෂණ වාර්තා වෙන් වෙන්ව විමර්ශන පොලිස් නිලධාරීන්ට ලබා දෙන ලෙසටද අදාළ දුරකථන සමාගම් වල කලමනාකාරිත්වයට නියෝග කල මහේස්ත්‍රාත්වරයා සැකකාරිය විසින් මෙහෙයවා ඇති බව කියන විෂ මත් ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද මාලඹේ පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රදීප් විජේසංහ මහතාට තවදුටරත් නියෝග කර තිබෙනවා.
මාලඹේ පොලිස්යේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රදීප් විජේසිංහ මහතාගේ උපදෙස් මත නඩු මෙහෙයුම් නිලධාරි (69042) කේ එස් ආර් කරුණාදාස මහතා මේ සම්බ්නධයෙන් අධිකරණයට කරුණු පවසා තිබෙනවා.
නුගේගොඩ කොට්ටාශ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය සහ පොලිස් අධිකාරි ලසිත අබේවික්‍රම යන මහත්වරුන්ගේ උපදෙස් මත මාලඹේ පොලිස් ස්ථානයේ ස්ථනාධිපති පොලිස් පරික්ෂක ප්‍රදීප් විජේසිංහ මහතාගේ උපදෙස් මත උප පොලිස් පරික්ෂක දුලාංජන මහතාගේ මෙහෙයවීම මත පොලිස් කොස්තාපල්වරුන් වන (94516) අසිත (102537) ජයසුන්දර ( 104905) බණ්ඩාර සහ කාන්තා පෙලිස් කොස්තාපල් (12996) රසාංජලී යන මහත්ම මහත්මීන් මෙම වැටලීම සිදු කොට සැකකාරිය සහ අයිස් තොගය අත් අඩංගුවට ගෙන ඇත.




