හය ශ්‍රේණියේ සිසුන් සදහා අවශ්‍ය පැරණි නිර්දේශයට අදාළ පෙළ පොත් මෙම මස මැද භාගය වන විට බෙදා හැරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.

එම පෙළපොත් ලබාදීම ප්‍රමාද වුවද ගුරුවරුන් සිය ඉගැන්වීම් කටයුතු මේ වනවිට සිදුකරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා යොමුකළ ප්‍රශ්නයකට පිලිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරිය පැවසුවේ.

හය ශ්‍රේණිය සිසුන් සදහා ලබාදෙන්නේ කුමන පෙළපොත්දැයි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරියගෙන් විමසා සිටියා.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ හය ශ්‍රේණිය මොඩියුලයේ පැවති ගැටළුව හේතුවෙන් සිදුවූ පාඩුව සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා මෙහිදි විමසා සිටියා.

මේ, ඊට පිළිතුරු ලබාදුන් අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය.