හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ඉදිරිපත් කළ ඇපෑලක් ජූනි මස 16 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද දින නියම කළා.

අමාත්‍යවරයා විසින් මෙම ඇපෑල ඉදිරිපත් කර තිබුණේ, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩ කිරීමේ කටයුතු ඉටුකර දීම වෙනුවෙන් ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64ක මුදලක් ඉල්ලා තර්ජනය කළේ යැයි කියන සිද්ධියට අදාළ නඩුවේ චෝදනාවන්ට වරදකරු කෙරුණු තමන්ට කොළඹ මහාධිකරණය විසින් නියම කර තිබෙන අත්හිටවූ සිර දඬුවම් හා දඩ මුදල් අහෝසි කර එම චෝදනාවලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලමින්.

මෙම ඇපෑල අද මායාදුන්නේ කොරයා, පී. කුමාරන් රත්නම්, දමිත් තොටවත්ත සහ අමල් රණරාජා යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා අද දින නඩු විභාග කටයුතුවලට නොපැමිණි හෙයින් එම ඇපෑල පිළිබඳ විභාගය ජුනි මස 16 වනදා දක්වා කල් තබන බව විනිසුරු මඩූල්ල නියෝග කළා.