අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණා.

ඒ මහතාගේ අවසන් කටයුතු සිදු කෙරුණේ මහනුවර නිත්තවෙල, පවුලේ සුසාන භූමියේදීයි.

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පසුගිය 15 වනදා අභාවප්‍රාප්ත වුණේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 57 වන වියේ පසුවුණා.

ලොහාන් රත්වත්තේ මහතා කලක් මැණික් හා ස්වරණාභරණ මෙන්ම බන්ධනාගාර කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ධුරය දරනු ලැබුවා.