මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පකිස්තානය අතර හෙට කොළඹදී පැවැත්වීමට නියමිත තරගයට අදාළ විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙල වෙනුවෙන් මේ වනවිටත් ආරක්‍ෂක අංශ නිලධාරීන් සූදානම් බව පොලීසිය පවසනවා.

ක්‍රීඩාලෝලීන්ගේ ආරක්‍ෂාව සහ ඔවුන්ගේ පහසුව වෙනුවෙන් මෙම ආරක්‍ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා පැවසුවේ.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය ආශ්‍රිතව හෙට දිනයේ ක්‍රියාත්මක රථ වාහන සැලැස්ම සම්බන්ධයෙන්ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැහැදිලි කළා.