හෙළයේ ගීත කෝකිලාවිය ලෙස විරුධාවලිය ලද අභාවප්‍රාප්ත කලාශූරී ලතා වල්පොල මහත්මියගේ දේහය අද පස්වරුවේ මහජන ගෞරවය සඳහා තැන්පත් කරනු ලැබුවා.
ඒ, බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවකයි. දේහය අද රාත්‍රි 10.00 දක්වා අවසන් ගෞරව සඳහා එහි තැන්පත් කර තැබෙන අතර හෙට පෙරවරු 09.00ට නැවතත් දේහයට අවසන් ගෞරව දැක්වීමට අවස්ථාව සලසා තිබෙනවා.
දේහය මහජන ගෞරවය සඳහා ලබන 30 වනදා දක්වා එම පෞද්ගලික මල්ශාලාවේ තැන්පත් කර තැබෙනවා.
ලබන 31 වනදා දේහය නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට රැගෙන යෑමෙන් පසුව බොරැල්ල පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදුකිරීමට නියමිත බවයි ලතා වල්පොල මහත්මියගේ පවුලේ ඥාතීන් පැවසුවේ.
කලාශූරී ලතා වල්පොල මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදු කරන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කළා.
රෝගී තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ලතා වල්පොල මහත්මිය ඊයේ පස්වරුවේ අභාවප්‍රාප්ත වුණා.
මියයන විට ඇය 91 වන වියේ පසුවුණා.




