Published
මීගමුව, තෙල්වත්ත හන්දිය ප්රදේශයේදි නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද බීඩි කොළ කිලෝග්රෑම් 668 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම සැකකරු අදාළ බීඩි තොගය කැබ් රථයකින් ප්රවාහනය කරමින් සිටියදි අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
එම බීඩි කොළ තොගය උර 18 ක බහා තිබියදී සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව ප්රදේශයේ පදිංචිකරුවෙක්.
මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අදාළ බීඩි කොළ තොගය සමග අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.




