‘දිට්වා’ සුළි කුණාටුවෙන් විනාශ වූ යටිතල පහසුකම් මෙන්ම ජන ජීවිතය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමටත් ආර්ථිකය යම් ආකාරයකට ඔසවා තැබීමටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහාය ලබා ගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව ආර්ථික විද්වතුන් පවසනවා.
ඒ අනුව ඊට අදාල නිවැරදි දත්ත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කර මීළඟ වාරිකය ප්‍රමාදයකින් තොරව ලබා ගැනීමට ද කටයුතු කළ යුතු බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්තික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් ලබන 22 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.
ඒ, පසුගියදා ඇතිවූ දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ හානිය තක්සේරු කිරීමට සහ විස්තීරණ අරමුදල් පහසුකම වැඩසටහන සඳහා ප්‍රතිපත්තිමය කරුණු සාකච්ඡා කිරීම සදහායි.
ඒ අනුව සිය නියෝජිතයන් පිරිස ලබන 28 වනදා දක්වා ශ්‍රී ලංකාවේ රැදි සිටින බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවසුවේ.




