තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිද වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද අදහස් පළ වුණා.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 2 යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ සම්බන්ධයෙන් මෙලෙස ප්‍රශ්නයක් යොමු කළා.
මේ, ඊට ප්‍රතිචාර දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා.
ඝාතනයට ලක් වූ නීතිඥවරයා සම්බන්ධයෙන් ද අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මෙහිදී අදහස් පළ කළා.
මේ අතර අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සියලු සැකකරුවන් මේ වනවිට හදුනාගෙන ඇති බව පොලීසිය පවසනවා. එම ඝාතනවලට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ දිනයේ බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. සහෝදරයන් දෙදෙනෙකු වන එම සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ කොට්ටාව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදීයි. අදාළ වෙඩි තැබීමට යොදාගත් ගිනි අවි එම සැකකරුවන් විසින් මෝටර් රථයකින් ප්‍රවාහනය කර ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
ඒ අනුව අදාළ මෝටර් රථයද පොලිස් භාරයට ගෙන තිබෙනවා. මෙතෙක් සිදුකළ විමර්ශන හමුවේ මෙම ද්විත්ව ඝාතනයට සම්බන්ධ සියලු සැකකරුවන් මේ වනවිට හදුනාගෙන ඇති බව පොලීසිය පැවසුවා. ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා පත් කෙරුණු පොලිස් කණ්ඩායම් 12හි නිලධාරීන් තවදුරටත් විමර්ශන සිදුකරන බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.




