තලංගම අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමට වෙඩික්කරුවන් පැමිණි බවට සැක කෙරෙන මෝටර් රථය ගාල්ල බද්දේගම ප්‍රදේශයේ අතුරු මාර්ගයක තිබියදී සොයා ගැනීමට නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව තිබේනවා.

මෝටර් රථය සොයා ගන්නා අවස්ථාවේදීත් එය ගිණි ගනිමින් තිබුණු බවයි පොලිසිය පැවසුවේ.

නීතිඥ බුද්ධික මල්ලවආරච්චි මහතා සහ ඔහුගේ බිරිඳ ඝාතනයට පැමිණි බව කියන මෙම මෝටර් රථය ගාල්ල බද්දේගම ප්‍රදේශයේ දමා ගොස් ඇති බවට ලද තොරතුරුක් අනුව පොලීසිය එම ස්ථානයට ගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ෂණ පවත්වනු ලබනවා.