Published
අග්‍රාමාත්‍ය වරියට එරෙහි විශ්වාසභංග යෝජනාව නිසි වේලාවේදී ගෙන එන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පවසනවා. ඒ. සහානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද කළ ප්‍රශ්න කිරීමකට ප්‍රතිචාර දක්වමින්.
පසුව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සංවාදයක් ඇති වුණා.
මේ අතර නොරොචෝලේ ගල් අගුරු බලාගාරය සම්බන්ධයෙන් පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පාර්ලිමේන්තුවේදී අද අදහස් පළ කළා.
කෙසේ වෙතත් ඊට ප්‍රතිචාර දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා ප්‍රකාශ කළේ නොරොචෝලේ ගල් අඟුරු බලාගාරය හේතුවෙන් සිදුවන පරිසර දුෂණය අවසන් වී නොමැති බවයි.




