Published
ප්‍රශ්නගත 06 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ අන්තර්ගතය පරීක්ෂා කිරීම සඳහා පත් කරන ලද අභ්‍යන්තර කමිටුව සිය වාර්තාව ඉදිරිපත් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.
ඒ අනුව අදාල ගැටලුව සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
06 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය හේතුවෙන් මේ වනවිට ඇති වී තිබෙන ගැටලුව රජයක් වශයෙන් වගකීම් සහිතව භාරගන්නා බවත් දෝශ සහිත තැන් හැකි විගස නිවැරදි කිරීමට බලාපොරොත්තු වන බවත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළා.
ප්‍රශ්නගත 06 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලය සම්බන්ධයෙන් ඇතැම් කණ්ඩායම් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බවද විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා වැඩිදුරටත් පැවසුවා.




