Published
මැදපෙරදිග මතුව ඇති යුදමය වාතාවරණය හේතුවෙන් මෙරටට එල්ල විය හැකි බලපෑම් පිළිබද ආණ්ඩුව මීට වඩා සැලකිල්ලක් දැක්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඔහු කියා සිටියේ ඉන්ධන මිළදී ගැනීම සදහා ඉන්දියාව සමග කටයුතු කිරීමට ආණ්ඩුව වැඩපිලිවෙලක් සකස් කල යුතු බවයි.
මැදපෙරදිග මතුව ඇති යුදමය වාතාවරණය කෙසේ වෙනස් වේ දැයි උපකල්පනය කල නොහැකි බවයි නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පැවසුවේ.
මේ අතර, මැදපෙරදිග මතුව ඇති යුදමය වාතාවරණය හමුවේ අත්‍යවශ්‍ය සේවා සැපයීම සදහා විධිමත් සැලැස්මක් සකසා ඇතැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසනවා. ඔහු කියා සිටියේ භාණ්ඩ හිඟයකින් තොරව සැපයීම සදහා මේ වන විටත් කටයුතු කරමින් සිටින බවයි.




