හදිසයේ නිශ්චිත ක්‍රමවේදයෙන් තොරව White Paper, Green Paper නැතිව අවිධිමත්ව මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම නිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අසභ්‍යකරණයට ලක්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
තවද බොහෝ රටවල අන්තර්ජාලය හරහා අධ්‍යාපන කටයුතු ක්‍රියාත්මක කරන විට ආරක්ෂක පිටවර ගෙන ඇති බවත් ඇමෙරිකාව, එක්සත් රාජධානිය වැනි රටවල යුරෝපා හවුල ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කර සිටියා.
මේ සදහා දේශපාලනඥයන් අධ්‍යාපන ඇමතිවරිය නිලධාරීන් පවා වගකිව යුතු බවත් මෙය දරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් නිසා සමාව දිය නොහැකි බවත් විපක්ෂ නායකවරයා වැඩි දුරටත් සඳහන් කර සිටියා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද මීරිගම මිණි ඔලුව ශ්‍රී විද්‍යාවාස මහා පිරිවෙන් කෘත්‍යාධිකාරී ශාස්ත්‍රවේදී පූජ්‍යපාද කඩදොරපිටියේ සුමන මහා ස්වාමීන් වහන්සේගේ අවමංගල්‍ය අවස්ථාවට එක්වීමෙන් අනතුරුව එහි දී මාධ්‍ය නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
මේ සදහා ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් මේ අසභ්‍යකරණයට වගකිව යුතු අය සෙවිය යුතු බවත් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරිය තාවකාලිකව ඉවත් වූවාට මේ ගැටලුව විසඳෙන්නේ නැති බවත් ඒ තීන්දු තීරණ ගත යුත්තේ ස්වාධීන අපක්ෂපාතීව පරීක්ෂණයක් හරහා බවත් මේ සදහා විනිවිදභාවයෙන් යුක්ත අපක්ෂපාතී පරීක්ෂණයක් තිබිය යුතු බවත් විපක්ෂ නායකවරයා පවසා සිටියේ.
ඉතිහාස විෂය ඇතුළත් නොවීම ඇතුළු වැරදි රාශියක් ඇති නිසා මේවා නිවැරදි කළ යුතු බවත් විපක්ෂය කියන දේවල් වැරදියට අර්ථකථනය නොකර නිවැරදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුවිය යුතු බවත් නව තාක්ෂණය උපයෝගී කර ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මෙහි වගකීම ආණ්ඩුව මෙන්ම රජයේ නිලධාරීන් ද බාර ගත යුතු බවත් වැරදුණු තැන සොයා බැලිය යුතු බවත් දූදරුවන්ගේ මනස විකෘති කළ ක්‍රියාන්විතය සිදු කළේ කවුද කියා සොයා බැලිය යුතු බවත් වරද කළ අයට ලබා දෙන තීන්දුව දැන ගත බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
මේ ප්‍රතිසංස්කරණ ගැන සංවාදයක් නිර්මාණය නොවුණු බවත් සංවාදයෙන් තොරව හිතුමතේට උද්දච්චකමට කරන මේ වැඩසටහන් නිසා විපතට පත් වන්නේ දරුවන් බවත් මේ රජය සැම මොහොතකම තම මතය හරි යැයි සිතා සිටියත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී නම් එසේ නොකළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
අප රටේ සිසු පරපුරෙන් කොපමණ ප්‍රමාණයකට සුහුරු උපකරණයකට ඇති අයිතිය සහ සම්බන්ධතා තියෙද කියා සොයා බැලිය යුතු බවත් මේවගෙන් වැරදි දේ පවා සිදුවිය හැකි බැවින් මේ ගැනත් සෙවිය යුතු බවත් අලුත් වෙනව සේම ආරක්ෂාව ගැනත් සිතිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අපේ රටේ වටිනාම සම්පත අවදානම් කණ්ඩායම වන්නේ දරු සම්පත මව් පරපුරු කාන්තාවන් බවත් එම නිසා මේ අවස්ථාවේ අපක්ෂපාතී පරීක්ෂණ අවශ්‍ය බවත් මේ වැරදි කළ අයට නිසි ක්‍රියාමාර්ග ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පවසා සිටියේ




