අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට එරෙහිව විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංග යෝජනාවට අත්සන් ලබා ගැනීම පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී අද ආරම්භ වුණා.
එම විශ්වාසභංග යෝජනාව සඳහා පළමුව අත්සන් තැබුවේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතායි. ඉන් අනතුරුව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක්ද ඊට අත්සන් තැබූ අතර විපක්ෂය නියෝජනය කරන සෙසු පක්ෂ අතරින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතාද එම විශ්වාසභංග යෝජනාවට අත්සන් තබා තිබෙනවා.
විපක්ෂයේ සෙසු මන්ත්‍රීවරුන්ගේද අත්සන් ලබා ගැනීමෙන් පසු එම විශ්වාසභංග යෝජනාව ඉදිරි දිනකදී කතානායකවරයා වෙත භාරදීමට නියමිත බවයි විපක්ෂයේ ආරංචිමාර්ග සඳහන් කළේ.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් 06 ශ්‍රේණියේ සිසුන්ගේ ඉංග්‍රීසි මොඩියුලයකට නුසුදුසු වෙබ් අඩවියක අන්තර්ජාල සබැඳියක් ඇතුළත් කිරීම සහ පසුව එම නුසුදුසු මොඩියුලය ඉවත් කිරීම හේතුවෙන් මහජන දේපළ විනාශ කිරීම යන චෝදනා යටතේ එම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට තීරණය වී තිබෙනවා.
මේ අතර, ප්‍රශ්නගත 06 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය සහ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අදත් පාර්ලිමේන්තුවේදී සංවාද ඇති වුණා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම කරුණු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරියගෙන් ප්‍රශ්න කළේ මෙලෙසයි.
අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඊට මෙලෙස පිළිතුරු ලබා දුන්නා.
ඪධෂක්‍ෑ ක්‍ඹඔ - :ඡඍඛ ්‍ය්ඍෂභෂ 02*
අග්‍රාමාත්‍යවරිය එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූයේ මෙලෙසයි.




