Published
දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ ඊයේ දිනයේදී පුද්ගලයින් 25,868ක් පරික්‍ෂා කළ බව පොලීසිය පවසනවා.
එහිදී පුද්ගලයින් 622ක් සැකපිට අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
ඒ අනුව අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයින් 15 දෙනෙකු ඍජුව හඳුනාගෙන තිබෙනවා.
ඊයේ දිනයේදී අත්අඩංගුවට ගෙන ඇති වරෙන්තුකරුවන් ගණන 241ක් වන අතර විවෘත වරෙන්තුකරුවන් 195 දෙනෙකු අත්අඩංගුවට ගත් බවද පොලීසිය පැවසුවා.
රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 3,791 දෙනෙකුද අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් පැවසුවේ.


