අපවත් වී වදාළ නෙත් එෆ් එම් රේඩියෝවේ ධර්ම දක්‍ෂිණාව සහ පොහෝදා ධර්ම දේශනය ඇතුළු ධර්මදේශනා රාශියක් සිදුකල ප්‍රකට ධර්ම දේශකයානන් වහන්සේ නමක් වූ පූජ්‍ය බෝධිමලු‍වේ සංඝානන්ද හිමියන්ගේ දේහය පිළිබඳ අදාහන පූජෝත්සවය අනිද්දා සිදු කිරීමට නියමිතයි.

සවස 02.30ට එම කටයුතු සිදු වන්නේ නාරම්මල, මැටියගනේ මහ විදුහල් ක්‍රීඩාංගනයේදීයි.

උන්වහන්සේගේ දේහය මහජන ගෞරවය සඳහා අද සවස 04.30 සිට නාරම්මල, මැටියගනේ වයඹ ශ්‍රී සත්ජය දහම් නිකේතනයේ තැන්පත් කර තැබෙනවා.

54වන වියේ පසු වූ පූජ්‍ය බෝධිමලු‍වේ සංඝානන්ද හිමියන් ඊයේ අපවත් වුණේ දැඩිව ගිලන්ව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.