Published
ශ්රී ලංකාවේ අපනයන ආදායම ඉහළ අගයක් ගෙන තිබෙනවා. ඒ, මේ වසරේ මුල් මාස 09 ඇතුළතයි. ශ්රී ලංකා රේගුවේ දත්තවලට අනුව එම කාලයේ මෙරට අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 13කට ආසන්නයි. එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 07ක වර්ධනයක්.
මෙලෙස අපනයන ආදායම් ඉහළ ගියේ කෙසේද? ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති, ප්රධාන විධායක නිලධාරි මංගල විජේසිංහ මහතා ඒ සම්බන්ධයෙන් පළ කළ අදහස් ඇසුරෙන් සැලසූ විශේෂාංගයක් දැන්.
අපනයන ආදායම වැඩිවීමට බලපෑ ක්ෂේත්ර සම්බන්ධයෙන් ද මෙහිදී පැහැදිලි කෙරුණා.
අපේ රටේ භාණ්ඩ හා සේවාවලට දැන් වැඩිම ඉල්ලුම ඇත්තේ කුමන රටවලින් ද?
ඊළඟ කාර්තුවේත් රටේ අපනයන ආදායම ඉහළ යයිද?




