විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද කොළඹ ශැංග්‍රිලා හෝටලයේදී පැවැති මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය හා එක්වූ අවස්ථාවේ මාධ්‍යවේදීන් අමතමින් කල ප්‍රකාශය පහතින් දැක්වේ.

අද දින Gem Sri Lanka ප්‍රදර්ශයට එක්ව මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය තුළ රටක් ලෙස අත්කර ගත් ප්‍රගතිය දැක අතිශයින්ම සතුටට පත්වන බවත් තවදුරටත් මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය දිරි ගැන්වීමට ඇති රෙගුලාසි ලිහිල් කර මේ ක්ෂේත්‍රය වෙනුවෙන් ලබා දිය හැකි ඉහළම උත්තේජක ලබා දීමට රජය කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගයට දිය හැකි උපරිම සහයෝගය ලබා දෙන බවත් VAT නිසා මේ කර්මාන්තය දුෂ්කරතා රැසකට මුහුණ දෙන නිසා ආනයන හා අපනයන පැත්තෙන් රෙගුලාසි ලිහිල් කර ලිබරල් ක්‍රමයක් කරා ගොස් මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ කේන්ද්‍රස්ථානයක් බවට අප රට පත් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දැන්වත් අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන නීතිමය, රෙගුලාසිමය බාධා ඉවත් කර විධිමත් සංවර්ධනයක් සිදු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.