ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි, අද විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

ඒ, එරට රාජ්‍ය රූපවාහිනිය හරහා පෙනී සිටිමින්.

ඊශ්‍රායලය සහ ඉරානය අතර සටන් විරාමයෙන් පසු ඔහු සජීවීව පෙනී සිටි පළමු අවස්ථාව මෙයයි.

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි, එහිදී පැවසුවේ අමෙරිකාව විසින් පහර දුන් න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට සැලකිය යුතු කිසිවක් සිදු නොවූ බවයි.

ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන මකා දමා ඇති බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශය අසත්‍ය බවයි ඔහු පවසන්නේ.

ඉරාන උත්තරීතර නායකයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ ඉරානය වැනි ශ්‍රේෂ්ඨ රටකට සහ ජාතියකට, යටත් වීම පිළිබඳ සඳහන් කිරීම පවා අපහාසයක් බවයි.