Published
“අයිරිස් බුෂර්” ඉරාන නෞකාවෙන් මුදාගත් පිරිස වැලිසර නාවික හමුදා කදවුරට රැගෙන ආ බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා.
අදාළ නෞකාවෙන් මුදාගත් පුද්ගලයන් 204 දෙනෙකු පළමුව රැගෙනවිත් ඇත්තේ කොළඹ වරාය වෙතයි.
ඉන් අනතුරුව ඔවුන්ට අදාළ ආගමන විගමන කටයුතු ඇතුළු සියළු පරිපාලන කටයුතු සිදුකිරීමෙන් පසු එම පිරිස වැලිසර නාවික හමුදා කදවුර වෙත රැගෙන ආ බවයි නාවික හමුදාව පැවසුවේ.
එහිදී අදාළ පිරිස වෛද්‍ය පරීක්ෂණ සදහා යොමු කිරීමටද නියමිතව තිබෙනවා



