වෙළදසැල් මගින් නොමිලේ පොලිතීන් බෑග් ලබාදීම තහනම් කිරීමට අදාළ නීතිය මාස කිහිපයක සිට ක්‍රියාත්මක වනවා.

එය ක්‍රියාත්මකවීමත් සමග පොලිතීන් භාවිතයේ අඩුවක් සිදුව තිබේද?

නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමක් කළා.

ඒ, පොලිතින් බෑග් තහනම් කිරීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගනු ලැබු පරිසර යුක්ති කේන්ද්‍රයෙන්.

මේ, එහි සභාපති නීතිඥ හේමන්ත විතානගේ මහතා.

සුපිරි වෙළඳසැල්වල පොලිතින් නිෂ්පාදන අලෙවිය අඩු වුවද කුඩා වෙළඳසැල්වල එය නිසි පරිදි සිදු වනවාද?

විවිධ පොලිතීන් නිෂ්පාදන තහනම් කිරීමට පැවති ආණ්ඩු විටින් විට ක්‍රියාමාර්ග ගනු ලැබුවද පොලිතීන් බෑග් තහනම් කිරීම සඳහා මැලිකමක් දැක්වුයේ ජනතාවගෙන් ඊට ප්‍රතිවිරෝධයක් එල්ලවිය හැකි යැයි උපකල්පනය කරමින්.

එහෙත් බොහෝ දෙනෙකු මේ වනවිට පරිසර හිතකාමී මෙම ක්‍රියාමාර්ගයට සහය දෙමින් සිටින බවයි නීතිඥ හේමන්ත විතානගේ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.