ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් අලුතින් මිලදී ගත් එයාර් බස් ‘ඒ’ 330 - 200 ගුවන් යානයේ ප්‍රථම මංගල ගුවන් ගමන අද ආරම්භ කළා. ඒ, කටුනායක ගුවන් තොටුපොළේ සිට මාලදිවයින, මාලේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ දක්වායි. ඒ අනුව එම ගුවන් යානය අද දහවල් 01.48ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල් - 115 දරන ගුවන් ගමන් වාර අංකය යටතේ මාලදිවයින, මාලේ නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් ගිය බවයි නෙත් නිවුස් කටුනායක වාර්තාකරු පැවසුවේ. පුළුල් බද සහිත එම නවතම එයාර් බස් ‘ඒ’ 330 - 200 ගුවන් යානය පසුගිය 04 වනදා ප්‍රංශයේ එයාර් බස් ගුවන් යානා නිෂ්පාදන කර්මාන්තශාලාවේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන එනු ලැබුවා. එතැන් සිට ගුවන් යානය ලියාපදිංචි කිරීම ඇතුළු තවත් වැදගත් ජාත්‍යන්තර වශයෙන් රාජකාරි කටයුතු රැසක් නිම කිරීමෙන් පසු එම ගුවන් යානය සිය ප්‍රථම මංගල ගුවන් ගමන සඳහා අද එක්ව තිබෙනවා.