අපේ රට තුළ කොතරම් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සංසරණය වනවාදැයි ඔබට අනුමානයක් තිබෙනවාද? මේ කතාව ඒ ගැන.
ඔබ දන්නවාද 2025 වසරේ ජනවාරි පළමුවනදා සිට මෙම වසරේ ජනවාරි 05 වනදා දක්වා කාලය තුළ, මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 23,000ක් අත්අඩංගුවට ගෙන ඇති බව.
ඊට හෙරොයින් කිලෝ 1,821යි ග්‍රෑම් 17ක් ඇතුළත්.
අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 3,865යි ග්‍රෑම් 710ක් සහ ගංජා කිලෝ 17,189 ග්‍රෑම් 377ක්ද අදාළ කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගෙන ඇති කොකේන් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ 38යි ග්‍රෑම් 958ක්.
මත්පෙති සහ මත් කරල් හතළිස් ලක්ෂ 49,569ක් ද අදාළ කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම තොරතුරු අනාවරණ වුණේ ජනාධිපති කාර්යාලයේ පැවති “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේ තෙවන සැසියේදීයි.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොග කඩිනමින් විනාශ කිරීම සම්බන්ධයෙන් නව නීති සකස් කිරීමේ කටයුතුවල ප්‍රගතියද මෙහිදී අවධානයට යොමු වූ අතර, එම කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ අංශවලට උපදෙස් ලබා දී තිබෙනවා.




