ආනයනික කිරිපිටි කිලෝවක මිල අද සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 125කින් අඩු කර තිබෙනවා.

වෙළද, වාණිජ, ආහාර සුරක්‍ෂිතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ කිරිපිටි ආනයනයකරුවන් අතර ඉකුත් බදාදා පැවති සාකච්ඡාවකින් අනතුරුව කිරිපිටි මිල පහළ දැමීමට තීරණය කෙරුණේ ලෝක වෙළදපොලේ මිල ගණන් පහළයාම සැලකිල්ලට ගෙනයි.

ඒ අනුව නව මිල ගණන් ලබන මාර්තු මාසය දක්වා නොවෙනස්ව පවතින බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

මේ අතර මෙම තීරණය හේතුවෙන් කිරි තේ කෝප්පයක මිල අද සිට රුපියල් 10 කින් අඩු කිරීමට සමස්ත ලංකා ආපන ශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා.