දිට්වා සුළි කුණාටුවට මුහුණදීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදුකර වාර්තා කිරීමටත් ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කිරීම සඳහා වූ යෝජනාව විපක්ෂය විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

එම යෝජනාව ඉදිරිපත් කළේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා විසින්.

ඉන් අනතුරුව දිට්වා සුළි කුණාටුවෙන් පසු රටේ පවතින වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් විපක්ෂය විසින් ගෙන ආ කල් තැබීමේ යෝජනාවක් අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැණුනා.

එම යෝජනාව ඉදිරිපත් කරමින් විවාදයට එක්වුණේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මියයි.

යෝජනාව ස්ථිර කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා අදහස් පළ කළා.

ආණ්ඩු පක්ෂය වෙනුවෙන් පළමුව විවාදයට එක්වුණේ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතායි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද විවාදයට එක්වුණා.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා විවාදයට එක්වෙමින් කියාසිටියේ ආපදා සහන සේවා ක්‍රියාත්මක කිරීමට රජය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ හේතුවෙන් එම ක්‍රියාවලිය සඳහා කිසිදු බාධාවක් එල්ල වී නොමැති බවයි.

යෝජනාව ඉදිරිපත් කරමින් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය පැවසූ පරිදි ආපදා සහන සේවා ක්‍රියාවලියෙන් ප්‍රාදේශීය ලේකම්වරුන් ඉවත්වීමේ අවදානමක් මතුව නොමැති බවද අමාත්‍යවරයා එහිදී කියා සිටියා.