Published
පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය හෙට දිනයේ සිට යළි වර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වනවා.
ඒ, සම සෞඛ්‍ය ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්.
පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා නෙත් නිවුස් වෙත පැවසුවේ උදෑසන 08.00 සිට වර්ජනය ක්‍රියාත්මක බවයි.
කෙසේවෙතත් සම සෞඛ්‍ය වෘත්තීයවේදී ඒකබද්ධ බල මණ්ඩලයේ සම කැඳවුම්කරු චලිත් අමරදිවාකර මහතා පැවසුවේ ගැටලුවට විසඳුම් දෙමින් තිබියදී ආරම්භ කරන මෙම වැඩ වර්ජනය අසාධාරණ බවයි.
සම සෞඛ්‍ය ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය මීට පෙර ද එක්දින වැඩවර්ජනයක නිරත වුණා.