කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහල් පරිශ්‍රයේ ප්‍රථමවරට ස්ථාපිත කරන ලද අති නවීන ආසාදිත අපද්‍රව්‍ය දාහක යන්ත්‍රය සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් සේවාවන් සදහා එක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙම අති නවීන ආසාදිත අපද්‍රව්‍ය දාහක නව යන්ත්‍රය මගින් දිනකට සායනික අපද්‍රව්‍ය කිලෝ 1,000කට අධික ප්‍රමාණයක් දහනය කිරීමට හැකියාව ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.

දෛනිකව ආසාදිත අපද්‍රව්‍ය කිලෝ 300කට ආසන්න ප්‍රමාණයක් රෝහලෙන් බැහැර කිරීමට සිදුවන අතර මෙතෙක් එම අපද්‍රව්‍ය මධ්‍යම පරිසර අධිකාරියේ බලපත්‍රලාභී සායනික අපද්‍රව්‍ය කළමනාකරණ සමාගමක් මගින් දහනය කිරීම සිදුකර තිබෙනවා.

නව යන්ත්‍රය ස්ථාපිත කිරීමෙන් පසු ඒ සදහා අඳාළ සමාගමට ගෙවීමට සිදුවූ මුදල ද රෝහලට ඉතිරි වී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.

එම ආසාදිත අපද්‍රව්‍ය දාහක යන්ත්‍රය සදහා යුනිසෙෆ් සංවිධානය විසින් රුපියල් මිලියන 17 කට අධික මූල්‍ය ප්‍රතිපාදන වැයකර තිබෙනවා.