Published
ඉදිරි වසර තුන හමාර ඇතුළත රටේ සංවර්ධනය නව ආකාරයෙන් දැකිය හැකි බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
පළාත් පාලන ආයතනවල බලය ද ජාතික ජන බලවේගෙයට ලැබීම හරහා එම සංවර්ධන කටයුතු පහසුවෙන් සිදු කරගත හැකි බවයි අමාත්‍යවරයා පැවසුවේ.
මේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා.
වස්කඩුව, සමගිපුර ප්‍රධාන මාර්ගයේ කාපට් අතුරා සංවර්ධනය කිරීම ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.