Published
අම්පාර, මඩකලපුව, පොළොන්නරුව, අනුරාධපුරය, ත්‍රිකුණාමලය, වව්නියාව හා යාපනය දිස්ත්‍රික්කයේ පිහිටි ගංගා ද්‍රෝනිවලට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව එම දිස්ත්‍රික්කවල පිහිටි ගංගා නිම්න ආශ්‍රිත පහත් බිම්වල හා ගංගා ආසන්නයේ ජීවත් වන ජනතාවට දැඩි අවධානයෙන් සිටින ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලිමක් කළා.
පොතුවිල් සිට කිලෝමීටර් 490ක් ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ කේන්ද්‍රගතව පවතින පීඩන අවපාතය බටහිරට බරව වයඹ දෙසින් ගමන් කරමින් ඉදිරි පැය 24 තුළ දිවයිනේ නැගෙනහිර වෙරළ වෙත ළගාවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා.




