පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ ඊයේ රාත්රී පැවති තරගයෙන් ඉන්දීය කණ්ඩායම පරාජය කරමින් ලකුණු 76ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට දකුණු අප්රිකානු කණ්ඩායම සමත් වුණා.
අහමදාබාද්හි පැවති මෙම තරගයේ කාසියේ වාසිය හිමිකර ගෙන පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළ කඩුළු 7ක් දැවී ලකුණු 187ක් රැස් කළා.
ඩේවිඩ් මිලර් පන්දු 35කදි ලකුණු 63යි.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 18 යි පන්දු 5කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වුණේ ලකුණු 111ක් පමණයි.
ශිවම් ඩුබේ පන්දු 37කදී ලකුණු 42ක් රැස් කළා.
සෙසු කිසිදු ඉන්දීය පිතිකරුවෙකුට ලකුණු විස්සේ සීමාව ඉක්මවා යාමට දකුණු අප්රිකානු පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.
මෙම පරාජයත් සමග පසුගිය ලෝක කුසලාන තරගාවලියේ සිට මේ දක්වා විස්සයි විස්ස ලෝක කුසලාන තරග 12 ක් අඛණ්ඩව ජය ගෙන සිටි ඉන්දීය කණ්ඩායමේ අපරාජිත ගමනද අවසන්වීම විශේෂිත සිදුවීමක්.




