Published
බලපත්‍ර නොමැතිව ඉන්ධන තොග ළඟ තබාගත් තවත් සැකකරුවන් තිදෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව කලපුවේ ධීවර යාත්‍රාවක් තුල බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 1,050 ක් ළඟ තබාගෙන සිටියදීයි.
මීගමුව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පුදුකුඩිඉරිප්පු, සුදන්දිරපුරම් ප්‍රදේශයේදී තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඩීසල් ලීටර් 562 ක් සමගයි.
අත්අඩංගුවට ගත් සැකකරු උඩයාර්කට්ටු ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පුදුකුඩිඉරිප්පු පොලීසිය පැවසුවේ.
හිගුරක්ගොඩ, යාය 07 ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අනෙක් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සන්තකයේ තිබී භූමිතෙල් ලීටර් 1,995 ක් සොයාගත් බව හිගුරක්ගොඩ පොලීසිය පැවසුවා.




