ඉරානයේ නව උත්තරීතර නායක මෝප්තබා කමේනිට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් ඔහු දරුණු ලෙස තුවාල ලබා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබෙනවා. යුද්ධය ආරම්භයේදී ඔහුගේ පියා වන අයතුල්ලා අලි කමේනි ඉලක්ක කර එල්ල වූ මාරාන්තික ගුවන් ප්‍රහාරයට මෝප්තබා කමේනි ද ගොදුරු වී ඇති අතර එම අවස්ථාවේදී ඔහු තම පියා අසලම රැඳී සිට ඇති බව සඳහන් වේ.
මෙම ප්‍රහාරයෙන් ඔහුගේ මුහුණ විකෘති වී ඇති බවත්, පාදයකට හෝ දෙකටම සැලකිය යුතු මට්ටමේ දරුණු තුවාල සිදුව ඇති බවත් වාර්තා වන අතර ඔහු තවමත් එම තුවාල සඳහා ප්‍රතිකාර ලබමින් පසුවන බව ඔහුගේ සමීපතමයින් ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත්, ඔහු තවදුරටත් වීඩියෝ තාක්ෂණය ඔස්සේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සාකච්ඡා පවත්වමින් යුදමය තත්ත්වයන් හා වොෂින්ටනය සමඟ පවතින සබඳතා වැනි වැදගත් තීරණ ගැනීමේ කටයුතුවල නිරත වන බවද පැවසේ.