දැනට ගාල්ල ජාතික රෝහලේ ජංගම ශීතාගාර දෙකක තැන්පත් කර ඇති ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු 84ක් ඉරාන තානාපති කාර්යාලයේ නිලධාරීන්ට භාර දෙන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් සමීර දොඩන්ගොඩ මහතා ගාල්ල ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයා වෙත අද (11) පෙරවරුවේ නියෝග කර තිබෙනවා.

ගාල්ල වරාය පොලිසිය විසින් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත කළ ඉල්ලීමක් අනුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.