ඊශ්‍රායලයේ රැකියා සදහා අයදුම් කිරීමට මෙතෙක් ලබාදී තිබූ උපරිම අවස්ථා 2 වෙනුවට මෙම අවස්ථාවේ දී පමණක් අවස්ථා 3ක් දක්වා වැඩිකර තිබෙනවා.

ඒ අනුව, රැකියා අපේක්ෂකයන්ට අවස්ථා 3 දක්වා අයදුම්කිරිමට හැකියාව ලැබී ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ.

ඊශ්‍රායලයේ රැකියා අවස්ථා කිහිපයක් සදහා අද දිනයේ මාර්ගගතව අයදුම්කිරීමට අවස්ථා සදහා වෙබ් අඩවිය විවෘත කරන බවයි එම කාර්යාංශය සදහන් කළේ.

ඒ අනුව කාර්යාංශයේ නිල වෙබ් අඩවිය වන අඅඅගිකඉfැගකන ඔස්සේ ඊට අයදුම් කල හැකියි.

ඒ අනුව ඉදිකිරිම් ක්‍ෂේත්‍රයේ කම්බි නැමීම, කපරාරු, ෂටරින් වඩු කාර්මික, සෙරමික් ටයිල් වැඩ මෙන්ම, ප්‍රතිසංස්කරණ ක්‍ෂේත්‍රයේ පොදු වැඩ, කපරාරු හා සෙරමික් ටයිල් වැඩ සදහා අයදුම් කිරිමට හැකි බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් පැවසුවේ.